ශ්‍රී ලංකාව අත්අඩංගුවට ගත්තේ ජල ගැල්මෙන් පීඩාවටපත් ධීවරයන්ලු

Tuesday, 22 December 2015 - 8:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%94
මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් පිළිබදව ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාවේදී ඊයේ (21) දැඩි උණුසුම් සංවාදයක් ඇති වුණා. තමිල්නාඩුව නියෝජනය කරන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂ මන්ත්‍රී අශෝක් කුමාර් කියා සිටියේ ඉන්දීය ධීවරයන් 45 දෙනෙකු මේ වන විට මෙරට අත්අඩංගුවේ පසුවන බවයි. ඔවුන් මෙන්ම එම ධීවරයන් සමඟ අත්අඩංගුවට ගත් ධීවර බෝට්ටු සියල්ල නිදහස් කර ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියා.

ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය මැදිහත් විය යුතු බවට ඔහු ප්‍රකාශ කළ අතර, ඒ සඳහා තමිල්නාඩුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් එක්වීමත් සමඟයි උණුසුම් තත්ත්වයක් ඇති වූයේ. ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකු වන එස්. රාජේන්ද්‍රන් කියා සිටියේ ජල ගැල්මෙන් පීඩාවට පත්ව සිටින තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්වීමෙන් ප්‍රාන්තයේ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories