කොන්දේසි කිහිපයක් මත කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් තමාගෙන් ඉල්ලූ රුපියල් කෝටි 100 ක වන්දි මුදල ලබාදීමට සූදානම් බව ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළා.
ඒ අමාත්‍යවරයා කුරුඳුවත්ත පොලීසියට පසුගියදා සිදුකළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබාදීමට අද එහි පැමිණි අවස්ථාවේදියි.
මෙරට වන සංහාරය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස රජයට බල කරමින් ජාතික සංඝ සම්මේලනය ප්‍රධාන පරිසර ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය 19 වනදා කොළඹ දී විරෝධතා පා ගමනක් සංවිධාන කර තිබුණා.
එම අවස්ථාවේදී ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙරට වන සංහාරයේ මූලික පාර්ශවකරුවෙකු බවයි.
එසේම ඔහු ඇතුලූ පිරිසක් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවටද උන්වහන්සේ චෝදනා කළා.
ඒ අනුව තමන්ට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් එදිනම කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ආනන්ද සාගර හිමියන්ගෙන් කෝටි 100 ක වන්දියක් ඉල්ලන බවද ප්‍රකාශ කරමින්.
අමාත්‍යවරයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණ ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ කොන්දේසි කිහිපයක් මත අමාත්‍යවරයාට වන්දි ලබාදීමට තමන් සූදානම් බවයි.
විල්පත්තු වන සංහාරය නැවැත්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම යන කරුණු එම කොන්දේසිවල ඇතුළත්.

Follow US
Most Viewed Stories