ඇමති බදියුදීන් දේශපාලනයෙන් ඉවත්වීමට සූදානම්

Wednesday, 23 December 2015 - 13:16

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර පදිංචිකිරීම්වලට තමන් සම්බන්ධ බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බව අමාත්‍ය රිෂාද් බදියුදීන් පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹදී අද (23) පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු දෙමින්.

මෙරට වන සංහාරය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස රජයට බල කරමින් ජාතික සංඝ සම්මේලනය ප්‍රධාන පරිසර ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය 19 වනදා කොළඹ දී විරෝධතා පා ගමනක නිරත වුණා. එම අවස්ථාවේදී ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙරට වන සංහාරයේ මූලික පාර්ශවකරුවෙකු බවයි. එසේම ඔහු ඇතුලූ පිරිසක් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවටද උන්වහන්සේ චෝදනා කළා.

ඒ අනුව තමන්ට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් එදිනම කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ  ආනන්ද සාගර හිමියන්ගෙන් කෝටි 100 ක වන්දියක් ඉල්ලන බවද ප්‍රකාශ කරමින්.

මේ අතර, කොන්දේසි කිහිපයක් මත කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් තමාගෙන් ඉල්ලූ රුපියල් කෝටි 100 ක වන්දි මුදල ලබාදීමට සූදානම් බව ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළා. ඒ අමාත්‍යවරයා කුරුඳුවත්ත පොලීසියට පසුගියදා සිදුකළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබාදීමට ඊයේ එහි පැමිණි අවස්ථාවේදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories