ශ්‍රී පාදය වන්දනාවට අති විශාල බැතිමතුන් පිරිසක් - (ඡායාරූප )

Thursday, 24 December 2015 - 8:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%29
ශ්‍රී පාදස්ථානය වන්දනා සමය ආරම්භ වීමත් සමඟ එය වන්දනාමාන කිරීම සදහා අති විශාල බැතිමතුන් පිරිසක් මේ වනවිට ශ්‍රී පාද මළුව වෙත පැමිණෙමින් සිටිනවා.

අදින් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන වෙසක් පොහොය තෙක් පුරා මාස 6ක කාලයක් පුරා සිරිපා වන්දනා කිරීමට බැතිමතුන්ට අවස්ථාව හිමි වනවා.

මේ අතර, සිරිපා වන්දනා සමය ආරම්භ කරමින් සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරවීමේ සමාරම්භක පෙරහර ඊයේ පැල්මඩුල්ල - ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වුණා.

ශ්‍රී පාද මළුවේ සිටින අප වාර්තාකරු රංජිත් රාජපක්ෂ සදහන් කළේ මේ වන විටත් අති විශාල ජනකායක් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණෙමින් සිටින බවයි.























ඡායාරූප - රංජීත් රාජපක්ෂ






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories