පුද්ගලයෙකු පැහැරගෙන යාමට අනුබල දෙන්නේ නම් වසර හතක සිර දඩුවමක්

Thursday, 24 December 2015 - 10:23

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A++%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%84%E0%B6%AD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දෙමටගොඩදී මහ දහවල් බලහත්කාරයෙන් පුද්ගලයා පැහැරගෙන යනු ලබන්නේ - හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමට ලියාපදිංචි කරන ලද 62 - 1859 අංකය සහිත ඩිෆෙන්ඩර් රථයෙන්.

මෙම පැහැරගැනීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවට දැනට සාක්ෂි කිහිපයක් පවතිනවා. පැහැරගැනීම සිදුකළේ ඇයට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බව මේ වනවිට තහවුරු වී අවසන්.

එසේම පැහැරගන්නා ලද පුද්ගලයා රැගෙන යන්නේ කොළොන්නාවේ පිහිටි ඇයගේ කාර්යාලයටයි. එහිදී ඇය පැහැරගත් පුද්ගලයාට තර්ජනය කිරීමද ඊට අදාළ සාක්ෂියක්. නමුත් මෙම චෝදනාවලට පොලීසිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.  

 ශ්‍රී ලංකා මානව හිිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවාගෙන් අප ඒ පිළිබඳ විමසීමක් කළා. ඔහු කියා සිටියේ දණ්ඩනීති සංග්‍රහයට අනුව පුද්ගලයෙකු පැහැරගෙන යාමට අනුබල දෙන්නේ නම් එය වරදක් බවයි.

එවැනි පුද්ගලයෙකු වසර හතක සිර දඩුවමකට යටත් කළ හැකි බවද ඔහු කියා සිටියා.

පාර්ලිමේන්තු නියෝජිතයින් බලහත්කාරයෙන් ප්‍රශ්න විසඳීමට කටයුතු කරන්නේ නම් එය නීතියට පටහැනි බවත් මෙවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් එය වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවත් ඔහු සඳහන් කළා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories