රෝහලක ගින්නක් - 25 ක් මරුට - තවත් 100කට තුවාල

Thursday, 24 December 2015 - 13:38

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+-+25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+100%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
සෞදි අරාබියේ රෝහලක ඇතිවු ගින්නකින් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ආරම්භ වු ගින්න මාතෘ ඒකකය ඇතුලුව රෝහල් පරිශ්‍රය පුරා පැතිරී ගොස් ඇතැයි සඳහන්.

මේවන විට ගින්න මැඩපවත්වා ඇති අතර තුවාල ලැබුවන් සහ රෝහලේ නේවාසිකව සිටි රෝගීන් ප්‍රදේශයේ වෙනත් රෝහල් වෙත මාරුකර යවා තිබෙනවා.

ගින්නට හේතුව සොයා සෞදි බලධාරීන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories