හෙරොයින් ගෙනා පකිස්ථානුවා කටුනායකදී කොටුවුනු හැටි

Thursday, 24 December 2015 - 15:05

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
හෙරොයින් ග්‍රෑම් 400 ක් අඩංගු කරල් 45 ක් ගිල පැමිණි පකිස්ථාන ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුනු තොරතුරක් මත පෙරේදා රාත්‍රී මෙම පකිස්ථාන ජාතිකයා පැමිණීමේදී ඔහුගේ බෑගයන් පරීක්ෂා කල ද කිසිවක් හමුවී නැහැ.

වැඩිදුර පරීක්ෂා කිරීම වෙනුවෙන් මීගමුව රෝහලට රැගෙන ගොස් කල එක්ස් කිරණ පරීක්ෂාවකදීයි ඔහුගේ උදරයේ ආගන්තුක යමක් ඇති බවට සලකුණු වී ඇත්තේ.

ඒ අනුව වෛද්‍ය සහය මත සැකකරු ගිල තිබු හෙරොයින් ග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් අඩංගු කරල් 45 ක් පිටතට ගෙන තිබෙනවා.

මෙම පකිස්ථාන ජාතිකයා මේවන විට මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳ කටුනායක ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයයි පරීක්ෂණ සිදුකරනු ලබන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories