පෝ දින මුව මස් අලෙවිය වරදී

Thursday, 24 December 2015 - 16:55

%E0%B6%B4%E0%B7%9D+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
පොළොන්නරුව නිශ්ශංකමල්ලපුර ප්‍රදේශයේදී මුව මස් කිලෝ 15 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරු 10 යි 45 ට පමණ මුවෙකු මරා විකිණීම සඳහා මෙම මස් කිලෝ 15 කට ගබඩා කර තිබී ඇති බවටයි හෙළිව ඇත්තේ.

මුව මස් ප්‍රවාහනයට යොදාගත් ත්‍රී රෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ත්‍රී රෝද රථයේ රියදුරා ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සඳහන්.

මෙම සැකකරුවන් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories