නත්තල උදාව අද මධ්‍යම රාත්‍රියේ

Thursday, 24 December 2015 - 19:45

%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ලෝකවාසී කිතුණු බැතිමතුන් මෙන්ම ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ද අද (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවන අසිරිමත් නත්තල් උත්සවය සැමරීමට මේ වනවිට සූදානමින් සිටිනවා.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සැමරීම සඳහා ලෝකවාසී කිතුණු බැතිමතුන් නත්තල සමරද්දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වෙන්නේ පහළ හංවැල්ල ස්වර්ගාරෝපිත දෙව් මාතාවන්ගේ දේවස්ථානයේදීයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් එහිදී ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලබනවා.

මේ අතර, දිවයින පුරා සිටින කිතුණු බැතිමතුන්ද නත්තල උත්සවය සැමරීම සඳහා ලහිලහියේ සූදානම් වන ආකාරය ප්‍රදේශ රැසකින් වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories