මහ දවල් තරුණයෙකු පැහැරගෙන ගොස් තර්ජනය කිරීම: හිරුණිකාගේ කළින් පැටිකිරිය මෙන්න

Friday, 25 December 2015 - 6:12

%E0%B6%B8%E0%B7%84+%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%3A++%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
දෙමටගොඩදී තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් - පොලිසිය - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  පැවසුවේ පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා පොලිසියට කළ ප්‍රකාශය අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරන බවයි.
     
දෙමටගොඩ රෙදිපිළි වෙළෙඳ සැළක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු  හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහර ගනු ලබන්නේ පසුගිය සඳුදායි.

මහදවල් සිදුකළ මෙම පැහැර ගැනීම එම වෙළෙ සැළේ ආරක්ෂක කැමරාවල  සටහන් වී තිබුණා. පැහැරගත් පුද්ගලයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කොළොන්නාවේ පිහිටි කාර්යාලයකට රැගෙන ගොස් තිබූ අතර එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඔහුට තර්ජනය කර තිබුණා.

පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයින් තමන්ට පහර දීමක්ද සිදු කළ බවයි.
 
මේ සිද්ධියට සම්බන්ධ 6 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබුණත් මෙම සිද්ධියේ සෘජුවම චෝදනාව එල්ලවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙතෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන නැහැ.
 
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පුද්ගලයින්ට තර්ජනය කළ පළමු අවස්ථාව මෙය නොවෙයි.
 
2013 වසරේ මාර්තු 14 වැනිදා ඇය විසින්  ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කළේ ඔහුට අයත් බොරැල්ල කිංසි පාරේ පිහිටි වෙළෙඳ සැලකට පිරිසක් සමග බලෙන් ඇතුළු වෙමින්. එය ද  වෙළෙඳ සැලේ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් වී තිබුණා.



එම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ධම්මික සිරිවර්ධන  සිද්ධිය විස්තර කළේ  මෙලෙසින්.

"මට පරුෂ වචනයෙන් කතා කළා...  මට හිතාගන්නවත් බැහැ..මම තමයි අයිතිකරු මේ බිල්ඩින් එකේ... මටම අයිති බිල්ඩින් එකේ ලියකියවිලි ඔක්කොම තියෙනවා... පහර දීමක් සිද්ධ වුණා... මං කිව්වා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පොලිසියට වාර්තා කරන්න... මට කරදර කරන්න එපා කියලා....."

ව්‍යාපාරිකයා හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර මීට පෙර පැවති නඩු කටයුත්තකදී ව්‍යාපාරිකයා ඉන් නිදහස් වීම  මුල් කරගෙන  මෙම තර්ජනය කිරීම හා පහර දීම සිදුව ඇති බව පසුව හෙළි වුණා.

මේ සිද්ධිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ එවක කොමසාරිවරයාගේද දෝෂ දර්ශනයට ලක්වුණා..

 ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා - හිටපු කොමසාරිස් - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
    
"...අධිකරණයෙන් තීරණයක් ලබා දුන්නාට පස්සේ සියලු දෙනා ඒකට ගරු කරන්න ඕනේ.... ඒ අධිකරණ තීරණය දීලා තියෙද්දී පහර දීලා තර්ජනය කරනවා නම් එය අධිකරණයට අපහාස කිරීමක්..... ඊටත් වඩා යනවා නම් බරපතල වරදක්....."

වෙළෙඳසැලේ හිමිකරු විසින් පසුව මේ සිද්ධිය බොරැල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු 2013 වසරේ මාර්තු 19 වැනිදා  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරිනවා.

එදින මෙම සිද්ධිය  පොලිසිය විසින්  අලුත් කඩේ අංක 2 මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙන අතර, මහේස්ත්‍රාත්වරයා නියෝග කරන්නේ මාර්තු 27 වැනිදා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි.
 
අයුතු ලෙස කණ්ඩායමක් සමග පරිශ්‍රයකට ඇතුළු වී එහි හිමිකරුට තර්ජනය කර  පහර දීම හිරුණිකාට එල්ල වූ චෝදනාව වනවා.

මාර්තු 27 වැනිදා හිරුණිකා මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින අතර එදින ඇය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගේ දෝෂ දර්ශනයට ලක්වන්නේ අධිකරණයට සුදුසු ඇදුමක් ඇඳගෙන නොපැමිණීම හේතුවෙන්.



දිගු කලිසමක් සහ සිනිඳු උඩුකය ඇඳුමකින් සැරසී අධිකරණයට පැමිණි හිරුණිකාට අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ,  සුදුසු ඇදුමකින් සැරසී අධිකරණයට පැමිණෙන ලෙසට තරයේ අවවාද කරනවා.



හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින්  පසුගිය සඳුදා ඇගේ  ආරක්ෂකයින් පුද්ගලයෙකු පැහැර ගෙන යනු ලබන්නේ ඉතිහාසය එසේ තිබියදීයි.

ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා - හිටපු කොමසාරිස් - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

"..දණ්ඩ නීති සංග්‍රහයේ 353 වගන්තියට අනුව යම් ස්ථානයකින් යෑමට යම්කිසි තැනැත්තෙකුට බලහත්කාරයෙන් බල කරහොත් එහෙම නැත්නම් බලය අයුතු ලෙස යොදා යෑමට පෙළඹුවහොත් ඒ සඳහා අවුරුදු 7ක සිර දඩුවම් දෙන්න පුළුවන්.... ඒ විතරක් නෙවෙයි යම් කිසි තැනැත්තෙකු මේ වරදට අනුබල දෙනවානම් ඒ අනුබල දෙන තැනැත්තාත් වරදක් කරනවා.... පැහැරගෙන ගිහිල්ලා තර්ජනය කරලා පහරදෙනවානම් වරද ඊටත් වඩා බරපතලයි..... විශේෂයෙන්ම යම්කිසි බලයක් තියෙන කෙනෙක් පාර්ලිමේන්තු නියෝජිතයින්, බලහත්කාරකමෙන් ප්‍රශ්න විසඳන්න යනවානම් රටේ තියෙන සාමාන්‍ය නීතියට සම්පූර්ණයෙන් පටහැනි ක්‍රියාවක්......."

මෙම පැහැර ගැනීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවට දැනට ඇති සාක්ෂි

- පැහැර ගැනීම සිදුකළේ ඇයට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බව තහවුරු වීම.
 
- පැහැර ගන්නා ලද පුද්ගලයා කොළොන්නාවේ පිහිටි ඇයගේ කාර්යාලයකට රැගෙන යාම.

- ඇය විසින් එහිදී අදාළ පුද්ගලයාට තර්ජනය කිරීම.

මෙම පැහැර ගැනීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මෙහෙය වූ බවට තවදුරටත් සාක්ෂි අවශ්‍යද?



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories