ලොව පුරා ක්‍රියාත්මක කුරිරු ත්‍රස්ත ක්‍රියාකාරකම් හෙළා දකින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළා.
ප්‍රංශය, ලෙබනනය, ඊජිප්තුව, ටියුනීසියාව සහ මාලි රාජ්‍යයන්හි පසුගිය කාලය තුළ එල්ල වූ ප්‍රහාර පිළිබඳව පාප් වහන්සේ මෙහිදී සිහිපත් කර තිබෙනවා.
අද (25) දහවල් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවට සහ ලෝකයට ආශීර්වාද කිරීමේ සාම්ප්‍රදායික දේව මෙහෙයට එක්වෙමින් පාප් වහන්සේ මේ බව කියා සිටියා.
එමෙන්ම, ලොව පුරා පවතින ගැටුම්වලට සාමය සහ සංහිඳියාව ඔස්සේ විසඳුම් ලබා ගන්නා ලෙස පාප් වහන්සේ මෙහිදී ඉල්ලීමක් කළා. පාප් වහන්සේගේ මෙම නත්තල් දින ප්‍රකාශය ලෝකයේ පවතින ගැටලූ පිළිබඳ සිය අදහස් දක්වන සාම්ප්‍රදායික දේශනයයි.
වතිකානුවේ ශාන්ත - පීතර බැසිලිකා දෙව් මැදුරේ නත්තල් උදාවේ දේව මෙහෙයට එක්වෙමින් පාප් වහන්සේ කියා සිටියේ පාරිභෝගිකවාදය, ධනවත්කම සහ අලංකාරය පසුපස නොයා කිතුනුවන් චාම් දිවි පෙවෙත් ගත කළ යුතු බවයි.

Follow US
Most Viewed Stories