තහනම් කළ ග්ලයිෆොසේට් වැඩි මිලට තවමත් වෙළඳපොලේ

Friday, 25 December 2015 - 19:15

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%9C%E0%B7%83%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A
භාවිතය තහනම් කර ඇති ග්ලයිෆොසේට් පළිබෝධ නාශකය මහා පරිමාන ලෙස තවමත් වෙළඳපොලේ පවතින බව රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.

ප්‍රසිද්ධ සමාගමක් විසින් ගෙන් වූ මෙම රසායනික ද්‍රව්‍ය රහසිගත ක්‍රම හරහා වෙළඳපොලට නිකුත් වෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

වකුගඩු රෝගයට තුඩුදෙන පළිබෝධ නාශකයක් ලෙසට ග්ලයිෆොසේට් හඳුනා ගැනීම නිසා මෙය භාවිතයට ගැනීම තහනම් කර තිබෙනවා.

පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් රජරට ඇතුළු පළාත් කිහිපයක මෙය මුල්වරට භාවිතය තහනම් කරනු ලැබුවේ 2014 දෙසැම්බර් 22 වනදායී.

අනතුරුව මුදල් අමාත්‍යාංශය 2015 ජුනි 11 වනදා මෙම පළිබෝධ නාශකය ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන ලෙසට ආනයන අපනයන පාලකවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම පළිබෝධ නාශකය මුළුමනින්ම තහනම් කරනු ලබන්නේ 2015 ඔක්තෝම්බර් මස 23 වනදායී.

ඒ අනුව එදින සිට මේවා ළඟ තබා ගන්නා සහ අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය පැවරෙනවා.

එසේ තිබියදී පෙරේදා (23) පුත්තලම - වනාතවිල්ලූව ප්‍රදේශයේ වෙළඳසැලක රහසිගත ගබඩාවක තිබී ග්ලයිෆොසේට් පළිබෝධ නාශක අඩංගු කෑන් 187 ක් පොලිසිය සොයා ගත්තේ මෙම පළිබෝධ නාශකය වෙළඳපොලේ තවමත් පවතින බවට සාක්ෂි සපයමින්.

2015 අප්‍රේල් 20 වනදා නිෂ්පාදනය කර ඇති මෙම පළිබෝධ නාශක තොගයේ සිල්ලර මිල රුපියල් 6500 ක් ලෙස සටහන් කර තිබුණා.

කෙසේ නමුත්, මෙම පළිබෝධ නාශක කෑන් එකක් රුපියල් 9000 කට අලෙවි කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම පළිබෝධ නාශකය මිනිසාට අහිතකර බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එය වකුගඩු ආබාධ මෙන්ම පිළිකාකාරකයක් ලෙසද ක්‍රියාකරන බවයි එමඟින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම ග්ලයිෆොසේට් තොගය මෙරටින් පිට කළ යුතු බව වෛද්‍ය චන්න ජයසුමන අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories