දෙලක්ෂ අසූ දහසක් බිළිගත් සුනාමි ඛේදවාචකයට අදට වසර 11යි

Saturday, 26 December 2015 - 6:45

%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B7%83%E0%B7%96+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+11%E0%B6%BA%E0%B7%92
2004 වසරේ දෙසැම්බර් 26 වනදා කුරිරු සුනාමි රළ පහර ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් 14ක ජීවිත අහිමි කරමින් ගොඩබිමට කඩා වැදුණා. ඉන්දීය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා  මුහුදු පත්ලේ භු කම්පනයක්  මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ අතර ගතවූ පැය කිහිපය තුළ උදම් රළ පහර පැයට කිලෝමීටර් 800ක පමණ වේගයකින් ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩා වැදුණා.

රික්ටර් මාපකයේ ඒකක  9.0 ක භූ කම්පනයක් සමගයි සුනාමි රළ පහර හටගත්තේ.

එහි පළමු රළ මෙරට අම්පාර වෙරළ තීරයෙන් වාර්තාවු අතර එය අඩි 3 ක් උසට පැමිණ තිබුණා.

ජීවිත රැසක් බිළි ගනිමින් පෙරවරු 9.26 ට දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ රැසක මිනිස් ජීවිත සහ දේපළ හානි සිදුකරමින් සුනාමි රළ පහර ගොඩබිම කරා පැමිණියා.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා ඇතිවු සුනාමි රළ පහරෙන් ශ්‍රී ලාංකිකයින් තිස් පන්දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වු අතර පුද්ගලයින් පන්දහසක් පමණ තවමත් අතුරුදන්.

ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාව / තායිලන්තය / ඉන්දුනීසියාව / මාලදිවයින / අන්දමන් දුපත් ඇතුලු රටවල් රැසකට මෙහි බලපෑම එල්ලවු අතර ඉන් ජීවිතක්ෂයට පත්වු සංඛ්‍යාව දෙලක්ෂ අසු දහසකට ආසන්නයි.  

මේ අතර ජාතික ආරක්ෂක දිනය අදට යෙදී තිබෙනවා.

2004 වසරේදී ඇතිවූ සුනාමි ඛේදවාචකය සිහි ගන්වමින් - එවන් ආපදා අවම කර ගැනීම සදහා අරමණු කර ගනිමිනුයි මෙම දිනය නම් කර ඇත්තේ.

මේ අතර සුනාමි ව්‍යසනයට වසර 11ක් සපිරීම සහ ඉන් ජීවිතක්ෂයට පත්වුවන් සිහිපත් කෙරෙන සැමරුම අද හික්කඩුව පැරැලියේදී පැවැත්වෙනවා.

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය පුද්ගලයින් අනුස්මරණය කරමින් පෙරවරු 9.25 හේ සිට විනාඩි  2 ක නිශ්ශබ්දතාවයක් සුරකීමට එක්වන ලෙසයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 ක ලක්ෂ සංඛ්‍යාත ජීවිත බිලිගත් ආසියානු සුනාමි ව්‍යවසනය සිදු වී වසර 11ක් සපිරෙන අදට  ජාතික සුරක්ෂිත දිනයට සමගාමීව දිවයිනේ සියලූම දිස්ත්‍රික්කවල සුනාමි සැමරුම් සංවිධාන කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.



 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories