අදත් භූ කම්පනයක් - 6.5ක් ප්‍රබලයි

Saturday, 26 December 2015 - 8:26

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+6.5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අද (26) අලුයම් කාලයේ ඇෆ්ගනිස්ථානයේ, ටජිකිස්ථාන් දේශසීමාව ආසන්නයේප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා. රික්ටර් පරිමාණයේ 6.5ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනය කාබුල් නගරයට කිලෝමීටර් 280ක් ඊසාන දෙසින් සිදුවූ බවයි ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.

එම භූ කම්පනයෙන් පාකිස්තානයේ ඉස්ලාමාබාද් සහ ලාහෝර් නගරවලට ද බලපෑම් ඇති වුණා.

ඇෆ්ගනිස්ථානයේ අගනුවර මෙන්ම පාකිස්තාන අගනුවර ද ගොඩනැගිලි භූ කම්පනයෙන් සසල වී තිබෙනවා. එමෙන්ම එය උතුරු ඉන්දියාවේ චන්දිගාර්, ශ්‍රී නගර්, ජායිපූර් සහ නවදිල්ලියට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories