නත්තල් සැමරුම අතරතුර ඕස්ට්‍රේලියාවට ලැව් ගිනි

Saturday, 26 December 2015 - 19:09

%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ - වික්ටෝරියා ප්‍රාන්තයේ ඊයේ (25) නත්තල් දිනය දා පැතිරුණු ලැව් ගිනිවලින් නිවාස 100 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.

වෙරළාසන්න ප්‍රදේශ දක්වා ගින්න පැතිර ගිය අතර, එහි සිටි සංචාරකයන් ද ඉවත් කර ගැනීමට සිදුවූ බව සඳහන්.

ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් 500ක්, ජල බවුසර් 60ක් සහ ගුවන් යානා 18ක් ද යොදා ගැනීමට සිදුවූ බවයි  ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් මෙහි ලැව් ගිනි මුළුමනින්ම මැඩලීමට තවත් සතියක පමණ කාලයක් ගත වනු ඇති.

පසුගිය දෙසැම්බර් 19 වන දා ලැව් ගින්න ආරම්භ වී ඇත්තේ අකුණු සැරයකින්.

උණුසුම් කාලගුණය සහ දැඩි සුළං හේතුවෙන් පැතිරුණු ලැව් ගිනි නිසා හෙක්ටයාර 2200ක් පමණ මේ වන විට විනාශ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories