දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවත් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ පැහැර ගැනීමේ සිද්ධියට අදාළ බවට සැක කෙරෙන දුරකතන අංක කිහිපයක් ගැන පරීක්ෂණ සිදුකිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ගෙන ඇති බවයි.
දෙමටගොඩ රෙදිපිළි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගනු ලබන්නේ පසුගිය සඳුඳායී.
මහ දවල් සිදුකළ මෙම පැහැර ගැනීම එම වෙළඳසැලේ ආරක්ෂක කැමරාවලද සටහන් වී තිබුණා.
අනතුරුව පැහැරගත් පුද්ගලයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කොලොන්නාවේ පිහිටි කාර්යාලයකට රැගෙන ගොස් තිබූ අතර, එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට තර්ජනය කළ බව එම පුද්ගලයා ප්‍රකාශ කළා.
පැහැර ගැනීමට ලක්වු පුද්ගලයා වැඩිදුරටත් පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයින් තමන්ට පහරදුන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.
එහෙත් සිද්ධියට ඍජුවම චෝදනා එල්ල වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තවමත් පොලිස් අත්අඩංගුවට ගෙන නැහැ.
මෙම පැහැර ගැනීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවට දැනට සාක්ෂි පවතිනවා.
පැහැර ගැනීම සිදුකළේ ඇයට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බව තහවුරු වීම ඉන් එකක්.
පැහැර ගන්නා ලද පුද්ගලයා කොලොන්නාවේ පිහිටි ඇයගේ කාර්යාලයකට රැගෙන යාම මෙන්ම ඇය විසින් එහිදී අදාළ පුද්ගලයාට තර්ජනය කිරීම ඊට අදාළ තවත් සාක්ෂි කිහිපයක්.
කරුණු මෙසේ තිබියදී පොලිසිය පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් සිද්ධිය පිළිබඳව තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි.
මෙම පැහැර ගැනීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිදුකළ බවට තවදුරටත් සාක්ෂි අවශ්‍යද ?

Follow US
Most Viewed Stories