පුත්තලමේදී සිව්දරු මවක් ගිනි තබාගෙන සියදිවි හානිකරගනී

Sunday, 27 December 2015 - 15:05

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පුත්තලම - වනාතවිල්ලූව - එළුවන්කුලම ප්‍රදේශයේදී 55 හැවිරිදි සිව්දරු මවක් අද උදෑසන ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිය නිවසේ වැසිකිලිය තුළදී ඇය මෙලෙස ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

ගිනි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම කාන්තාවගේ දරුවන් ප්‍රකාශකර ඇත්තේ ඇය මාස කිහිපයක සිට මානසික ආබාධයකින් පෙළෙන බවයි.

ඇයට සියදිවි හානිකර ගැනීමට  තරම් ගැටලුවක් නොතිබු බව ද ඔවුන් ප්‍රකාශකර තිබෙනවා.

මියගොස් ඇත්තේ අලූත්එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි  එච්.ඒ. ඇනී මෙරේයා නැමති සිව්දරු මවක්.

මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බවට දරුවන් ප්‍රකාශ කිරීම හේතුවෙන් සිරුර නිවසට රැගෙන යාමට අවසර ලබාදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories