TNA අර්බුදය උග්‍ර අතට

Monday, 28 December 2015 - 12:41

TNA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7
දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීමක් ඇති බවට මේ දිනවල දේශපාලන කරලියේ ඇති වී තිබෙන්නේ දැඩි කතාබහක්.

පසුගියදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජනතා සභාව නමින් සංවිධානයක් පිහිටුවීම ද ඒ සදහා ආසන්නතම හේතුවක් ලෙස දැක්විය හැකියි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ නොවිසඳුණු ගැටලූ වෙනුවෙන් කඩිනම් විසඳුම් සෙවීම සදහා නව සංවිධානය පිහිටුවූ බවයි.

මෙලෙස පිහිටුවා ගත් දෙමළ ජනතා සභාවේ දෙවන හමුව ඊයේ එහි නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
ඊට එක්වූ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සදහන් කළේ තමන් සමග එක්වන ලෙස ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාට ද ආරාධනා කරන බවයි.

ඊට ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ද ප්‍රතිචාර දැක්වුවා. ඔහු පවසන්නේ දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතාවගේ ගැටලූ වෙනුවෙන් ප්‍රමාණවත් සංවේදීතාවයකින් කටයුතු කරන බවයි. එම නිසා කිසිදු අයුරකින් වෙනත් දේශපාලන ප්‍රවාහයක් සමග එක්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි මාවෙයි සේනාධිරාජා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories