මීතොටමුල්ල ප්‍රහාරයට සරසවි සිසුනුත් විරෝධයේ

Monday, 28 December 2015 - 17:03

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A
මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයට එල්ලවුණු ප්‍රහාරයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතා කිහිපයක් සංවිධාන කර තිබුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට එක් විරෝධතාවක් සංවිධාන කර තිබූ අතර අනෙක් විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණේ රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිටයි.  

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයට සිදුකළ පහරදීමෙන් තුවාල ලැබූ  දෙදෙනෙකු තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ පස්වරුවේ මෙම කුණු කන්දට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර, ඊට කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත ඇතුලූ පිරිසක් සිදුකළ පහරදීමකදී තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ හයදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව සංවිධාන කළ විරෝධතාවක් එම ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණා.

තම ගැටළුවලට විසඳුම් ලබාදෙන කාලසීමාව පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශ නොවීම හේතුවෙන් එම ස්ථානයට පැමිණි කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඉන් අනතුරුවයි එම ස්ථානයේ විරෝධතාකරුවන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ.

මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ පහරදීම සම්බන්ධයෙන් මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය, නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත සහ පහරදීමට පැමිණි පිරිසට එරෙහිව පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය ඒකාබද්ධව කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories