සිරියාවේ බෝම්බ ප්‍රහාර 2 කින් 32 ක් මරුට

Monday, 28 December 2015 - 18:54

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+2+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+32+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බටහිර සිරියාවේ හොම්ස් නගරයට එල්ලවූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව 90 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

හොම්ස් නගරයේ සහ්ර් ප්‍රදේශයට අද දහවල් මෙලෙස එල්ලවූයේ කාර් බෝම්බ ප්‍රහාරයක් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ.

කෙසේ වෙතත් සිරියානු රජය සහ එරට සටන්කාමීන් අතර පැවති සටන් විරාම ගිවිසුමෙන් පසු එල්ලවූ දෙවන ප්‍රහාරය මෙයයි.

අදාළ සටන් විරාමය මේ මස මුලදී අත්සන් තැබුණු අතර, ඒ අනුව සටන්කාමීන් හොම්ස් නගරය හා ඒ අවට ප්‍රදේශ අතහැර යාමට තීරණය කෙරුණා.

සිරියානු අර්බුදයේ ආරම්භක අවධියේදී හොම්ස් නගරය සටන්කාමීන්ගේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස සැළකුණු අතර ඔවුන් එය නම්කර තිබුණේ විප්ලවයේ අගනුවර ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories