ආගමට පටහැනි නිසා විල්පත්තු කැපුවේ නැතැයි බදියුදීන් කුරාණයේ අත තබා දිවුරන්නට බෑ කියයි

Tuesday, 29 December 2015 - 12:10

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%A7%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B6%E0%B7%91+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
විල්පත්තු වන විනාශය පිළිබඳ විශේෂ විවාදය ඊයේ හිරු ටී වී සලකුණ වැඩසටහන ඔස්සේ විකාශය කෙරුනා.

විවාදයට පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එක්ව සිටියා.

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කලේ තමා කිසි ලෙසකින් හෝ විල්පත්තුවේ නිවාස ඉදි කිරීමට අවසර ලබාදී නොමැති බවයි.

මෙම සංවාදයේදී දෙපාර්ශවයම විවිද  තර්ක ඉදිරිපත් කරමින් විල්පත්තු වනාන්තරය අවට ප්‍රදේශය විනාශ කරමින් ජනාවාස ඉදි කිරීම පිළිබඳ උණුසුම් විවාදයක නිරත වුනා.

රජය වෙන්කල ප්‍රමාණය ඉක්මවා යමින් වනාන්තරය එළිකල නිවාස ඉදිකර ඇතැයි ආනන්ද සාගර හිමියන් මෙහිදී පෙන්වා දුන්නා.

එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කලේ එම නිවාස ඉදිකර ඇත්තේ නීතිමය අවසරය මත පමණක් බවයි.

විශේෂත්වයක් වුයේ කැලෑ විනාශ නොකල බවට කුරාණයේ අත තබා දිවුරන ලෙසට ආනන්ද සාගර හිමියන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ප්‍රකාශ කිරීමයි.

එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.



මෙම විවාදයේ සම්පුර්ණ වීඩියෝව පහතින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories