ජල සේවක වර්ජනය අවසන්

Tuesday, 29 December 2015 - 12:25

%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩල සේවකයන් දීප ව්‍යාප්තව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැදවුම්කරු උපාලි රත්නායක සදහන් කළේ ජල සම්පාදන මණ්ඩල කළමනාකාරිත්වය, අමාත්‍යාංශයේ ඉහළ නිළධාරින් සහ වෘත්තීය සමිති එක්ව ඊයේ (28) රාත්‍රීයේ පවත්වනු ලැබූ සාකච්ඡාවකින් පසුව කප්පාදු කළ ප්‍රසාද දීමනා යළි ගෙවීමට එකගතාවයකට පැමිණි බවයි.

ඒ පිළිබද ලිඛිත පොරොන්දුව අද පෙරවරුවේ ලැබුණු බව ද ඔහු සදහන් කළා.

 ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන්ට වසර අවසානයේ රුපියල් 37,000 ක ප්‍රසාද දීමනාවක් ගෙවීමට නියමිතව වුවත්, ඔවුන්ට ගෙවා ඇත්තේ රුපියල් 25,000 ක දීමනාවක් පමණයි.

ඒ හේතුවෙන් ජල සම්පාදන සේවකයන් ඊයේ පෙරවරු 8 සිට දහවල් 12 දක්වා සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

ඉන් අනතුරුව ඔවුන් ඊයේ පස්වරුවේ අතිකාල සේවාවලින් සහ රාත්‍රී සේවා මුරවලින් ද ඉවත් වුණේ ප්‍රසාද දීමනා ගැටලූවට විසඳුම් නොලැබුණු බව පවසමින්. පසුව, ඔවුන් අද පෙරවරු 9 ට යළිත් සිය සේවාවලින් බැහැර වුණා.

මේ අතර, ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති අලව්දීන් අන්සාර් කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව කප්පාදුකළ ප්‍රසාද දීමනා ලබාදීමට තීරණය කළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories