බස් - වෑන් අනතුරකින් 5දෙනෙකු මරුට

Wednesday, 30 December 2015 - 7:20

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ - දුම්මලදෙනිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද අලූයම 4.30ට පමණ පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු, කාන්තාවන් තුන්දෙනෙකු සහ එහි රියදුරු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.  තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගත කර ඇත.

වෑන් රථය කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර විනෝද චාරිකාවක් යමින් සිටි පෞද්ගලික බස් රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බව සඳහන්.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ අම්පාර, කල්මුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories