'මිස් call' හාදකම රත්නපුර ගිහින් - ත්‍රීවීල් මාමා 15ක සිසුවිය කෙළෙසයි

Wednesday, 30 December 2015 - 11:16

%27%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A+call%27+%E0%B7%84%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%B8++%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++-++%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+15%E0%B6%9A++%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B7%83%E0%B6%BA%E0%B7%92
සිසුවියක්  උපකාරක පන්තියකට සහභාගිවීමට නගරයට පැමිණ ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින්. අතරමග දී ඇය බලහත්කාරයෙන් බසයෙන් බස්සවාගෙන ඇත . අනතුරුව ඇය  රතනපුර ප්‍රදේශයට ත්‍රිරෝද රථකින් රැගෙනගොස් ඇතැයි පොලිසිය කියයි.  

සැකකරු  මිතුරෙකුගේ  නිවසක සිසුවිය නතර කරගෙන ඇත. එහිදී ඇය දූෂණයට ලක් වූ බවට පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.

විවාහ කරගන්නා බවට පොරොන්දුවී සිසුවිය  රැගෙනගොස් ඇති 37 හැවිරිදි සැකකාර  ත්‍රිරෝද රථ රියදුරා  අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ සැගවී සිටියදී.

මගහැරුණු දුරකථන ඇමතුමකින් 15 හැවිරිදි සිසුවිය සමග  හිතවත්කම් ඇතිකරගෙන තිබූ බවට පොලිසිය අනාවරණ කරගෙන ඇත.

බලෙන් රැගෙන ආ බාල වයස්කාරියකට නවාතැන් සපයා දී  බරපතල අපරාධයක් සිදු කිරීමට උදවු කළ බවට නිවසේ හිමිකරුවන්ට චෝදනා එල්ල වෙයි. පොලිසිය විමර්ශන මෙහෙයවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories