සිගීරි ළදුන් තන පට අඳී

Wednesday, 30 December 2015 - 11:56

%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%93%E0%B6%BB%E0%B7%92+%E0%B7%85%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%A7+%E0%B6%85%E0%B6%B3%E0%B7%93
සිගිරි බිතුසිතුවම් වල ඡායාරූප ලබාගැනීම  අද සිට තහනම් බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.  

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා මහතා පෙන්වා දෙන්නේ ඊයේ දිනයේදී තමන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බවයි.

බිතුසිතුවම් ලෙනේ පිහිටි ඉපැරණි බදාම තට්ටුවක් කඩා වැටීමත් සමඟ බිතුසිතුවම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවයි  සිගිරි බිතුසිතුවම් වල ඡායාරූප ලබාගැනීම තහනම් කර ඇත්තේ.

ප්‍රිශාන්ත ගුණවර්ධන පෙන්වා දෙන්නේ මීට පෙර විදුලි ධාරා නොමැතිව පින්තුර ගැනීමට අවසර තිබුණද එහෙත් බොහෝ දෙනා විදුලි ධාරා සහිත පින්තුර ලබාගන්නා බවයි.

එබැවින් පෞරාණික වස්තූන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමගද සාකච්ඡා  කර මෙම තීරණය ගත් බව  ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සදහන් කලා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories