හිරුණිකාගේ අනෙක් ආධාරකරුවන් දෙදෙනාත් රිමාන්ඞ්

Wednesday, 30 December 2015 - 14:39

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් දෙදෙනා ජනවාරි 4 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් කොටුව අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ තවත් ආධාරකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර, ඔවුන් ද ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරවීමෙන් පසුවයි අත්අඩංගුවට ගැණුනේ.           

දෙමටගොඩ, රෙදිපිලි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගනු ලබන්නේ පසුගිය 20 වනදායි.

අනතුරුව පැහැර ගත් පුද්ගලයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කොළොන්නාවේ පිහිටි කාර්යාලයකට රැගෙන ගොස් තිබූ අතර, එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට තර්ජනය කළ බව එම පුද්ගලයා ප්‍රකාශ කළා.

පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා වැඩිදුරටත් පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයින් තමන්ට පහරදුන් බවයි.

කෙසේ වෙතත්, සිද්ධියට ඍජුවම චෝදනා එල්ල වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙතෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන නැහැ.

මෙම සිද්ධියට සම්බන්ධ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබද නීතිපති උපදෙස් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.

නමුත් මෙම සිද්ධියට ඍජුවම චෝදනා එල්ලවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙතෙක් පොලීසිය අත්අඩංගුවට නොගන්නේ කිසියම් බලපෑමක් නිසාදැයි මාධ්‍යවේදීන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම්ගෙන් ප්‍රශ්න කළා.

එහිදී ඔහු කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැරදිකරු වුවහොත් අනතුරුව පක්ෂය විසින් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories