දරුණුම එල් නිනෝ තත්ත්වය ලබන වසරේ

Thursday, 31 December 2015 - 7:35

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B8+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් රැසකට බලපෑ හැකි ප්‍රබලම එල් නිනෝ තත්ත්වයක් එළඹෙන වසරේදී අපේක්ෂා කරන බව නාසා ආයතනය අනතුරු අඟවනවා.

මීට  පෙර එවැනි ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වාර්තාවූයේ 1998 වසරේදියි.

ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි නියං තත්ත්වයක් සහ තවත් ප්‍රදේශයකට මහා ජල ගැලීම් ඇතිවිය හැකි බවයි නාසා ආයතනයේ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

එල් නිනෝ ක්‍රියාවලිය කාලගුණය සම්බන්ධයෙන් සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙවර ඇතිවන ප්‍රබල එල් නිනෝ තත්ත්වය චන්ද්‍රිකා ඡායාරූපවල පවා මීට පෙර සටහන් නොවූ අන්දමට සටහන් වී තිබීම විශේෂත්වයක්.   

පැසිෆික් සාගර මුහුදු ජලය උණුසුම්වීමෙන් හටගැනෙන එල් නිනෝ සංසිද්ධිය මුළු ලෝකයේම කාලගුණ රටාවන් කෙරෙහිම බලපෑම් ඇති කරනවා.

එල් නිනෝ යනු පටියක ආකාරයෙන් සැළකිය හැකි උණුසුම් මුහුදු ජලයෙන් සමන්විත උෂ්ණත්ව කලාපයක් ලෙසයි විද්‍යාඥයින් හඳුන්වා දී ඇත්තේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories