සීගිරි ලලනාවන්ගේ ඡායාරූප ගැනීමේ තහනම ගැන සාකච්ඡා

Thursday, 31 December 2015 - 9:15

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
සීගිරි බිතුසිතුවම්වල ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු මේ බව කියාසිටියා.

ඊයේ සිට සීගිරි බිතුසිතුවම්වල ඡායාරූප ගැනීම මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් තහනම් කරනු ලැබුවා.

ආලෝක ධාරා නොමැතිව පමණක් එහි ඡායාරූප ගැනීමට මීට පෙර අවස්ථාව සලසා දී තිබුණත් බොහෝදෙනෙකු එම නීතියට අවනත නොවීම නිසා බිතුසිතුවම් ආරක්ෂා කිරීමේ අරමුණින් ඡායාරූප ගැනීම ඊයේ දිනයේ සිට මෙලෙස තාවකාලිකව තහනම් කර තිබුණා.

සීගිරි බිතුසිතුවම් ලෙනේ පිහිටි ඉපැරණි බදාම තට්ටුවක් පසුගියදා කඩා වැටීමේ සිද්ධිය ද මෙලෙස ඡායාරූප ගැනීම තහනම් කිරීමට හේතුවූ බවයි  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories