2015 යතුරුපැදි අනතුරුවලින් මරණ දහසක්

Thursday, 31 December 2015 - 12:43

2015+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
මෙම වසරේ සිදුවු යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයන් දහසක් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

යතුරුපැදිය පැදවු පුද්ගලයන් මෙන්ම පසුපැදිකරුවන් ඒ අතර වන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කලේ.

මෙම මරණ සංඛ්‍යාව වාර්තාවී ඇත්තේ ඊයේ දිනය දක්වායි.

යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී යාමෙන් සිදුවු අනතුරුවලින් මියගිය පැදිකරුවන් හා පසුපැදිකරුවන් සංඛ්‍යාව 299 ක්.

යතුරුපැදිකරුවන් මංතීරු නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් සහ වෙනත් වාහනවල ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 367 ක්.

මංතීරු නීතිය උල්ලංඝණය කල වෙනත් වාහන යතුරුපැදිවල ගැටීමෙන් යතුරුපැදිකරුවන් හා පසුපැදිකරුවන් 334 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

පොලිසිය පෙන්වා දෙන්නේ 2015 වසරේ සිදුවු රිය අනතුරුවලින් වැඩි වශයෙන් මරණයට පත්ව ඇත්තේ යතුරුපැදිවල ගමන්කල පුද්ගලයන් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories