නිදහස් අවකාශයක සිට නව වසර පිළිගන්නට ලැබීම ජයග්‍රහණයක්

Friday, 01 January 2016 - 8:00

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8++%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2016 වසර එළැඹුණේ ජනතා අපේක්ෂා ජයග්‍රහණය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීමේ සදාචාර සම්පන්න වටපිටාවකට පිවිසීමේ පුළුල් අවස්ථාවක් ශ්‍රී ලංකා සමාජය හමුවේ විවර කරමින් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව වසර සඳහා සිය සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ප්‍රකාශ කළේ්.

පීඩනය සහ මර්දනකාරී හැඟීමෙන් තොරව නිදහස් අවකාශයක සිට නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලැබූ ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

නව වසරේ ආර්ථිකමය, සමාජමය සහ දේශපාලනමය වශයෙන් සුරක්ෂිත වූ රටක් ගොඩනැංවීම අප සැමගේ ඒකායන අරමුණ විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories