මුතුරාජවෙල තෙල් කාන්දුව තවමත්

Saturday, 02 January 2016 - 8:07

%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන රැගෙන යන නළයක සිදුවූ තෙල් කාන්දුව නතර කිරීමට ස්ථීර පිළියමක් යෙදීමට මෙතෙක් නොහැකි වී තිබෙනවා.

කෙසේ වෙතත්, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම තෙල් කාන්දුව මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට ද බලපෑමක් විය හැකි බවයි.

පසුගිය සිකුරාදා සිට මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන රැගෙන යන නළයක මෙම තෙල් කාන්දුව සිදුවුණේ දික්ඕවිට - තල්දියවත්ත කලපුවේයි.

එම තෙල් කාන්දුව ඊයේ දිනයේ ද දක්නට ලැබුණු අතර මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයේ නිලධාරීන් එම තෙල් කලපුවේ ජලයට මුසුවීම වැළැක්වීමට තාවකාලිකව පියවර ගෙන තිබුණා.

කෙසේ වුවත් මෙම තෙල් කාන්දුව ඒ ආශ්‍රිත පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

එමෙන්ම කලපුවේ තෙල් මිශ්‍ර ජලය හැමිල්ටන් ඇළට එක්වීම වැළැක්වීම සදහා පියවර ගෙන තිබුණ ද ඉන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු වලට එල්ල වන්නේ බාධාවක්.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ බලධාරීන් තමන් රවටා ජනතාව ලවා තෙල් එකතු කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර, මෙම තෙල් කාන්දුවෙන් මුතුරාජවෙල තෙත් බිම් පරිසර පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇති බවට පරිසරවේදීන් පෙන්වා දෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories