මහමග අනතුරු වලින් දෙදෙනෙකු මරුට

Saturday, 02 January 2016 - 9:12

%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැලිකඩ - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ විදුලිබලාගාර හන්දිය අසළ දී කොට්ටාව දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක පිටුපස ගැටුණු යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ වටරැක - පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර, වාරියපොළ බස් නැවතුම අසළ දී ඊයේ රාත්‍රී 7ට පමණ පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයකට නැගීමට පැමිණි මගියෙකු එම බස් රථයටම යටවී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මිය ගොස් ඇත්තේ වාරියපොළ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories