ව්‍යවස්ථාදායක මණ්ඩලය ජනවාරි 9 වනදා සිට

Saturday, 02 January 2016 - 13:34

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+9+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා දායක මණ්ඩලයක් බවට පත්කිරීම ජනවාරි 9 වනදා ආරම්භ වනවා.

එහිදී දැනට පවතින ව්‍යවස්ථාවේ සීමාවන් ඉක්මවා යාමට අපේක්ෂා නොකරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළා.

නව ව්‍යවස්ථාව ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත වීම අවශ්‍යතාවක් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජනතා අදහස්වලට ද ප්‍රමුඛත්වයක් හිමිවනවා.

 ඒ සදහා පිහිටුවා ඇති කමිටුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන නීතීඥ ලාල් විජේනායක කියා සිටියේ සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත සිය කමිටුවේ අවසන් වාර්තාව මාස 3ක් ඇතුළත අග්‍රාමාත්‍යවරයා පත් කළ කැබිනට් අනුකාරක සභාවට ලබාදෙන බවයි.

මීට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී ඇති වන තාක්ෂණික ගැටළුවලට විසදුම් ලබාගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් ද පත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories