බලංගොඩ ඇඟළුම් කම්හලේ 6 ක් තවමත් රෝහලේ

Saturday, 02 January 2016 - 18:59

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%87%E0%B6%9F%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
ආහාර විෂවීමක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කෙරුනු ඇඟළුම් කම්හලක සේවකයන්ගෙන් හයදෙනෙකු පමණක් මේ වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සේවක සේවිකාවන් 300 කට වැඩි පිරිසක් අද (02) පෙරවරුවේ මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගත්තා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අදාළ ඇඟළුම් කම්හලේ සේවකයෙකු සඳහන් කළේ අලූත් අවුරුදු සැමරුම සඳහා කර්මාන්තශාලාවෙන්  ලබාදුන් උදය ආහාර ලබාගැනීමෙන් පසුව තමන් මෙලෙස රෝගී වූ බවයි.

මේ අතර රෝහලට ඇතුළත් කළ සේවකයන් චෝදනා කළේ කර්මාන්තශාලාව තුළදී රෝගී තත්ත්වයට පත් තවත් සේවකයන් පිරිසක් රෝහල වෙත යොමු නොකර කර්මාන්තශාලා හිමිකරුවන් විසින් ආයතනයේ රඳවාගෙන සිටි බවටයි.

මේ අතර නාඋල - නාලන්ද ප්‍රදේශයේද ඇඟළුම් කම්හලක සේවකයන් පිරිසක්ද ආහාර විෂවීමෙන් ඊයේ රාත්‍රියේ නාලන්ද ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories