ගැබිණිය ලොරියට යටකලාම ගම්මුන් ප්‍රකෝපවීම වරදක්ද ?

Sunday, 03 January 2016 - 14:32

%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8++%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF+%3F
කොත්මලේදී ගැබිණි කාන්තාවක් ලොරි රථයකට යටවී මියයෑමේ සිද්ධියට අදාළව එම ලොරි රථයට පහරදුන් පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අද අලූයම 5.40 ට පමණ වෙදමුල්ල වත්තේ ඔවුන්ගේ නිවසේ රැඳී සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

සැකකරුවන්ගේ වයස අවුරුදු 31 ක් සහ 45 ක් වන අතර ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අද නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගැනුනු ලොරි රථයේ රියදුරු මේ මස 6 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.

නුවරඑළිය සිට ගමන් ගත් ලොරි රථයකට මාර්ගය හරහා ගමන් කළ වයස අවුරුදු 34 ක ගැබිණි කාන්තාවක් යටවී මියගියේ පසුගිය 28 වනදායි.

ඉන් අනතුරුව එම ලොරි රථයේ රියදුරුට අමානුෂික ලෙස පහරදී ලොරි රථයට හානිකළ පුද්ගලයන් මෙලෙස අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories