අක්කා නගෝගේ ඇට සැකිලි වසා නිවසේ තිබු දේපල සොරකම් කරලා

Monday, 04 January 2016 - 14:20

%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F++%E0%B6%B1%E0%B6%9C%E0%B7%9D%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B6%BD+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
පානදුර - උයන්කැලේ ගාලූපාර අසල දෙමහල් නිවසක පහළ මහලයේ තිබී පසුගිය මාර්තු මාසයේ සොයාගත් කාන්තාවන් දෙදෙනෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය නිකුත් කර ඇති බවයි.

අදාළ නිවෙස තුලදි  එලෙස සොයා ගැණුණේ එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකුගේ හිස් කබල් දෙක සහ අස්ථි කොටස් කිහිපයකුයි.

මීට අදාළව  මාස 9කට පමණ පසු පසුගිය පළමුවනදා එක පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ පානදුර පොලිසීයයි.

අදාල සහෝදරියන්ගේ සොහොයුරෙකු නිවසට පැමිණි අවස්ථාවෙිදී අස්ථි කොටස් දැක පානදුර දකුණ පොලිසිය වෙත පැමිණිලි කර තිබුණා. අනතුරුවයි ඊට අදාළ විමර්ෂණ ක්‍රියාත්මක වුයේ.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන්  නිවසට  ඇතුලුවුයේ දේපල සොරා ගැනීමට බවයි.

අස්ථි කොටස් කිහිපයක් තමන් දුටු බවත් රෙදි කඩකින් ඒවා වසා දැමු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

 අනතුරුව අල්මාරි දෙකක්/  රන්මාලයක් / ටීපෝ සෙට් එකක් / වීදුරු භාණ්ඩ මෙන්ම තවත් උපකරණ රැසක් තිබූ සොරා ගත් බවද සැකකරු පොලිසීයට සදහන් කර තිබුණා.  

එම උපකරණද මේවන විට පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කලා.

අදාළ සැකකරු  මීට පෙර බන්ධනාගාර ගතව සිටි පුද්ගලයකු වන අතර මත්ද්‍රව්‍ය පානයටද ඇබ්බැහි වූවෙක්.

කෙසේ වෙතත් මොහු විසින් මෙම ඝාතනය සිදුකර ඇත්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

පානදුර පොලිසිය සිද්ධිය පිළිබද විමර්ෂණ මෙහෙයවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories