මාර්ග කිහිපයක අද සහ හෙට ගමනාගමනයට සීමා

Monday, 04 January 2016 - 17:25

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F
පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ්ගේ ශ්‍රිී ලංකා සංචාරය වෙනුවෙන් අද සහ හෙට යන දිනවල මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

 ඒ අනුව අද පස්වරු හතරේ සිට පස්වරු හය දක්වා කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කටුනායක අධිවේගී මාර්ගය, බණ්ඩාරනායක වටරවුම, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත, ඉන්ද්‍රම් මංසන්ධිය, සද්ධර්ම මාවත, ප්‍රදීප මාවත, සංඝරාජ වටරවුම, පංචිකාවත්ත සහ මරදාන මංසන්ධිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

එමෙන්ම ඩාලි පාර, ගාමිණී වටරවුම, ඞී.ආර්. විජේවර්ධන මාවත, රිගල් වටරවුම, පාසන් පාර සහ කොම්පඤ්ඤ වීදිය පොලීසිය ඉදිරිපිට වටරවුම දක්වා රථවාහන ගමන් කිරීම සීමා කෙරෙන බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

හෙට පෙරවරු අටයි තිහේ සිට පෙරවරු 10 දක්වා කාලය තුළ පාසන් පාර සිට රීගල් වටරවුම, බැංකු මාවත, ජනාධිපති මාවත සහ ගාලූ මැද පාර දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

හෙට පෙරවරු 11 සිට පස්වරු 12 යි 30 දක්වා එන්.එස්.ඒ. වටරවුමේ සිට ගාලූපාරේ කොල්ලූපිටිය මංසන්ධිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

ඊට අමතරව හෙට පස්වරු එකයි තිහේ සිට පස්වරු දෙක දක්වා කොල්ලූපිටිය මංසන්ධියේ සිට ගාලූ පාර, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් මංසන්ධිය, රීගල් වටරවුම, පාසන් පාර, කොල්ලූපිටිය පොලීසිය ඉදිරිපිට වටරවුම දක්වා ගමනාගමනය සීමා කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories