බිරිද ගෙදර නාවට පුංචි පුතුගේ බෙල්ල කපා තමන්ගෙත් ගෙල කපාගත් තාත්තෙක් (ඡායාරූප)

Tuesday, 05 January 2016 - 9:50

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තම තුන් හැවිරිදි දරුවාගේ ගෙල තියුණු ආයුධයකින් කපා තමන්ගේ ගෙලද කපාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කල පුද්ගලයකු මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කුඩා දරුවා ද අසාධ්‍ය තත්වයෙන් මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

35 හැවිරිදි සැකකරු වෘත්තියෙන් පින්තාරු ශිල්පියෙක් වන අතර බිරිඳ සමග ඇතිවු අමනාපයක් හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඔහු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳ දරුවන් දෙදෙනා ද සමග ඇයගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණ තිබෙනවා.

ඊයේ පස්වරු 3 ට පමණ එම නිවසට පැමිණි සැකකරු බිරිඳට යළි නිවසට පැමිණෙන ලෙසට කල ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තුන් හැවිරිදි දරුවාගේ ගෙල කපා ඔහු ද ගෙල කපාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එය වැලැක්වීමට ගිය බිරිඳට ද සුලු තුවාල සිදුව තිබෙනවා.

මහනුවර පොලිසියයි මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවන්නේ.









ඡායාරූප - මහනුවර කමල් සුරවීර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories