රත්ගම සභාපති ඝාතන සැකකරුගේ සොහොයුරාගේ නිවසට වෙඩි (ඡායාරූප)

Tuesday, 05 January 2016 - 13:42

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මීටියාගොඩ වෙහෙරගොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

සම්පුර්ණ මුහුණු ආවරණ වන හෙල්මට් පැළඳ පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

නිවසේ සිටි පුද්ගලයකුට වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති අතර ඔහු නිවස තුලට දිව ගොස් දිවි බේරාගෙන තිබෙනවා.

එම පුද්ගලයා රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන සැකකරුවකුගේ සොහොයුරා බව ද සඳහන්.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කිසිවකුත් මෙතෙක් හඳුනාගෙන නැහැ.

අද දහවල් එල්ලවු මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් රත්ගම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.















(ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories