හිරුණිකාට එරෙහිව බොදුබල සේනාවත් නැගිටියි

Tuesday, 05 January 2016 - 13:50

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%92
දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගත යුතු බවට සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් තවදුරටත් ඉල්ලා සිටිනවා.

කොළඹ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ක්‍රියාත්මක නොවීම පිළිබදව අප්‍රසාදය පළ කරන බවයි.  

දෙමටගොඩ රෙදිපිලි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලැබුවේ පසුගිය 21 වනදායි.

පැහැර ගැනීම සිදුවී මේ වන විට දින 15ක් ගත වී ඇතත්, මෙම සිද්ධියට ඍජුවම චෝදනා එල්ල වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ - අලූත්කඬේ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාල් ඊයේ නියෝග කළේ.

එදිනට මොහුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories