ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර නව ගිවිසුම් 8ක් (ඡායාරූප)

Tuesday, 05 January 2016 - 20:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික ගිවිසුම් අටකට අද (05) අත්සන් තැබුණා. ඒ, පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවැති නිළ සාකච්ඡාවලින් අනතුරුවයි.

විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය, මුදල් විශුද්ධිකරණ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා බුද්ධි තොරතුරු හුවමාරුව, සංස්කෘතික, දත්ත සහ සංඛ්‍යාලේඛන තොරතුරු හුවමාරු, අපනයන සහ වෙළඳ සංවර්ධන, මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු කටයුතු එම අවබෝධතා ගිවිසුම්වලට ඇතුළත්.

 තුන්දින නිළ සංචාරයක් සඳහා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා  පිළිගැනීමේ නිළ රාජ්‍ය උත්සවය අද පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදියි.  

අනතුරුව ජනාධිපතිවරයා හමුවූ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ දූෂණය වංචාව පිටු දකිමින් යහපාලනය ඇති කිරීම සඳහා යන ගමන තමන් අගය කරන බවයි.

මෙම සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පැවැත්වූ දිවා භෝජන සංග්‍රහයකටද පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂරිෆ් එක්වුණා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories