හිරුණිකාගේ ආධාරකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව අද

Wednesday, 06 January 2016 - 7:43

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනා අද (06) යළි කොළඹ අලූත්කඩේ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා. ඔවුන් අනිවාර්යයෙන්ම අද හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය මීට පෙර නියෝග කළේ.

කොළඹ අපරාධ කොට්ඨාශය පෙරේදා වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ දෙමටගොඩදී තරුණයෙකු  පැහැරගෙන යනු ලැබූ අංක 62 - 1859 දරණ ඩිෆෙන්ඩර් රථය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නමට ලියාපදිංචි වී ඇති බවයි. මතුවූ තත්ත්වය හේතුවෙන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කළ බවද ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.  

කෙසේ වෙතත්, දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් දේශපාලන මෙන්ම සිවිල් සංවිධානද තවදුරටත් විරෝධය පළ කරමින් සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories