ප්‍රබල භූ කම්පනයක්

Wednesday, 06 January 2016 - 10:14

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියාවේ - පන්ගයිරායි ප්‍රදේශයේ රික්ටර් මාපක 5.1ක භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

පන්ගයිරායි ප්‍රදේශයේ සිට කිලෝමීටර් 50 ක දුරින් පිහිටි ප්‍රදේශවලට මෙම කම්පන තත්ත්වය සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

චීනය, ජපානය සහ දකුණු කොරියාව චෝදනා කරන්නේ මෙම භූ කම්පනය උතුරු කොරියාව අද සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම හේතුවෙන් සිදුවන්නට ඇති බවටයි.

එහෙත් මූලික මට්ටමේ පරමාණු බෝම්බයකට වඩා බලවත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකළ බව පිළිගන්නා උතුරු කොරියාව 2013 වසරේ පෙබරවාරි මාසයේදී ද මෙවැනිම අත්හදා බැලීමක් සිදුකළ බව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories