ඉපැරණි උල්කාවක් ඕස්ට්‍රේලියාවේ විලකින් මතුවෙයි

Thursday, 07 January 2016 - 16:17

%E0%B6%89%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වසර බිලියන 4 යි දශම 5 ක් පමණ ඉපැරණි උල්කාපාතයක කොටසක්  ඕස්ට්‍රේලියාවේ විලක් අසබඩින් සොයාගෙන තිබෙනවා.

නව අවුරුදු උදාවේදී මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ  ඕස්ට්‍රේලියානු කර්ටින් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයන් දෙදෙනෙකු විසින්.

මෙම උල්කාශ්මය අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහයන්ට වඩා ඈත අභ්‍යාවකාශයෙන් පැමිණි එකක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

එය පෘථිවියටත් වඩා වයස්ගත උල්කාශ්මයක් වීම විශේෂත්වයක්. මීට වසර බිලියන 4 යි දශම 5 කට පමණ පෙර සූර්ය ග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී ඇතිවූ අමුද්‍රව්‍ය පිළිබඳව මෙමඟින් අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories