මිලියන 2 ක හෙරොයින් යට ඇඳුමේ

Friday, 08 January 2016 - 10:37

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+2+%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%9A
රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටාරයේ සිට මෙරටට පැමිණි 48 හැවිරිදි මෙම පාකිස්ථාන ජාතිකයා අද අලූයම රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී සදහන් කළේ.

යට ඇඳුමේ සගවාගෙන මොහු මෙම ග්‍රෑම් 200 ක් පමණ බරැති හෙරොයින් තොගය මෙරටට රැගෙනවිත් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories