උඩින් යන්න ගිය ඉබ්බෝ අතරමග

Friday, 08 January 2016 - 11:25

%E0%B6%8B%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9C
නීති විරෝධීව තායිලන්තයේ බැංකොක් නුවර බලා රැගෙන යාමට උත්සාහ කල තාරකා ඉබ්බන් 41 දෙනෙකු සමග සැකකරුවකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සිය ගමන් මලුවල සගවා මෙම ඉබ්බන් රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ.

මෙම තාරකා ඉබ්බන් ගමන් මලු තුල ගමන් කිරීම වැලැක්වීම සඳහා එම සත්වයන් වටා සෙලෝටේප් පටි අලවා තිබු බව සඳහන්.

 අද අලුයම 1 යි 20 ට බැංකොක් බලා යාමට පැමිණි සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඉබ්බන් හමුව තිබෙනවා.

එම සත්වයන් හලාවත ප්‍රදේශයෙන් අල්ලාගත් බවයි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැකකරු ප්‍රකාශකර ඇත්තේ.

ඉබ්බන් රාජසන්තක කර වනජීවී නිලධාරීන්ට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

සැකකරුට රුපියල් ලක්ෂ 2 ක දඩයක් නියමකල බවයි අප වාර්තාකරු සඳහන් කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories