ඇඹිලිපිටිය සිද්ධිය ගැන පොලිස් කොමිසමෙනුත් පරීක්ෂණයක්

Friday, 08 January 2016 - 13:48

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු උඩුමහලකින් ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහි ලේකම් ආරියදාස කුරේ සදහන් කළේ ජනතාවගේ හැසිරීම සහ ජනමාධ්‍ය ඔස්සේ විකාශය වූ සිද්ධීන් මූලික කර ගනිමින් මෙම විමර්ශනය ආරම්භ කරන බවයි.

ඒ අනුව සිද්ධිය පිළිබදව පොලිස්පතිවරයාගේ වාර්තාවක් ඉල්ලා ඇති බව ඔහු සදහන් කළා.

මේ අතර, සිද්ධියට විරෝධය පළකරමින් නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගැණුනු ඇඹිලිපිටිය නගරයේ මේ වනවිට සාමකාමී තත්ත්වයක් පවතින බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියා.

ඊයේ (07)  වසා දැමුණු කඩ සාප්පු ද අද දිනයේ විවෘත කර තිබෙන අතර, නගරයේ ආරක්ෂාව සදහා පොලිසියට අමතරව, තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories