ඔබාමාගේ බලූ සුරතලා පැහැර ගැනීමේ උත්සාහය අසාර්ථක වෙයි

Saturday, 09 January 2016 - 11:26

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ සුරතල් බලූ පැටවුන් දෙදෙනාගෙන් එක් අයෙකු පැහැර ගැනීමට කුමන්ත්‍රණය කළ බව කියන පුද්ගලයෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්කොට් ස්ටොකර්ට් නමැති මෙම පුද්ගලයාගේ වාහනයේ තිබී තුවක්කු දෙකක් සහ තියුණු ආයුධයක් ද වොෂින්ටන් පොලීසිය සොයාගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගැනීමේදී මොහු පවසා ඇත්තේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සහ සුප්‍රකට නිළි මැරිලින් මොන්රෝගේ පුත්‍රයෙකු වන අතර ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ නමුත් මොහුට විරුද්ධව ගිනි අවි නීති උල්ලංගණය කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කළා.

ජනාධිපති බැරක් ඔබාමාගේ සනී නමැති සුරතල් බලූ පැටවා 2009 වසරේදී ලබාගෙන ඇති අතර බෝ ලෙස හදුන්වන අනෙක් බලූ පැටවා ලබාගෙන ඇත්තේ 2013 වසරේදියි.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories