නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

Saturday, 09 January 2016 - 11:45

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමේ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 යි 30ට රැස්වූ අතර එහි පළමු වන කාර්යය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කිරීම සිදුකෙරුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ යුගයේ අවශ්‍යතාවය මත රටේ ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවයි.

එමෙන්ම, විදේශීය බලපෑම් මත කිසිදු අයුරකින් ව්‍යවස්ථාවේ වෙනසක් සිදු නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories