බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු වස බී මරුට

Saturday, 09 January 2016 - 12:43

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අවිස්සාවේල්ල  පුවක්පිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකු වස බී සියදිවි හානි කරගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල පොලිසිය කියා සිටියේ අද (09)  අලූයම 2ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

අදාළ කාන්තාව මීට දින 4 කට පෙර පුවක්පිටිය ප්‍රදේශයේ නවාතැන් ගෙන ඇත්තේ රැකියාවකට යාම සදහායි.

ඇය පෞද්ගලික ඇගලූම් කම්හලක සේවය කර ඇති අතර සැමියා පෞද්ගලික බස් රථයක රියදුරෙකු වශයෙන් සේවය කර තිබෙනවා.

ඔවුන්ගේ පදිංචිය බලංගොඩ ප්‍රදේශයේ බවයි පොලිසිය සදහන් කළේ.

මියගිය මෙම යුවලට දරුවන් දෙදෙනෙකු ද සිටිනවා.

ඊයේ රාත්‍රියේදී මෙම පුද්ගලයා සිය බිරිඳ රැගෙන යාමට ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණ ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාවගේ වයස අවුරුදු 29 ක් වන අතර, ඝාතනය සිදුකළ සැමියාගේ වයස අවුරුදු 33 ක්.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories